පසුගිය දෙවසරේ දී අත්අඩංගුවට ගත් මොනර පිහාටු 6000 ක් ද කිලෝ 50 ක වැහිලිහිණි කුඩු ද රේගු ජෛව විවිධත්ව ඒකකය අද (18) පුළුස්සා දැමීය.
කටුනායක ගුවන් තොටුපළ , වරාය හා රේගුවට සම්බන්ධ වෙනත් ස්ථාන වල දී මෙම තහනම් සත්ව කොටස් රාජසන්තක කළ බව රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා කියයි.
ශාන්තිකර්ම හා දේවාල සැරසිමට මොනර පිහාටු යොදා ගැනේ.






