මෙහෙමත් මිනිස්සු


ලොරියක ගැටුණු යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් මරණාසන්න තුවාල ලබා මහමග වැටී සිටියත් ඇය රෝහලකට රැගෙන යෑමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා ඇය මරණයට පත්වූවාය. ඉන්දියාවේ ජායිපුර් නුවරින් ඇය සැමියාත් දරුවාත් සමග එකම යතුරු පැදියෙන් ගමන් කරන විට මෙම අනතුර සිදු විය. ඇගේ සිමියා කියනුයේ තම බිරිඳ මරණාසන්නව දඟලන විට ඇය රෝහලක් කරා රැගෙන යෑමට විනාඩි විස්සකට ආසන්න කාලයක් තමා උදව් ඉල්ලූ නමුත් තම බිරිඳ මියයන තුරු කිසිවකු නොපැමිණි බවයි.