මෙහෙකාරිය ලක්ෂ විස්සකට විදලා


සමාගම් අධ්‍යක්ෂකවරියකගේ නිවසින් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ ජංගම දුරකථන සොරා ගත්එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ බව කියන කාන්තාවක් වැලිකඩදී අද (6)අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සූදු ක්‍රීඩාවට දැඩිලෙස ඇබ්බැහි වී සිටින බව කියන මෙහෙකාරිය සොරගත් බව කියන රන් මාල අත් පලඳනා ,ජංගම දුරකථන , ඇය විකුණා සහ උගස් තැබු උගස් මධ්‍යස්ථාන්ට උගස් කොට තිබීයදී සොයාගත් බවද පොලිසිය කියයි

සිය මෙහෙකාරිය මෙම සොරකම සිදුකල බව පොලිසිය විසින් පැමිනිල්ල ලද අවස්ථාවේ කල සැක පළ කිරීම ගෙහිමි කත ප්‍රතික්ෂෙප කල බවද පොලිසිය කියයි.