මෙල්බර්න් පොසොන් සීල භාවනා


මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව මෙවර ද පොසොන් සීල භාවනා වැඩසටහන සහ සත්බුදු වන්දනාව සංවිධානය කෙළේය.

බරණැස මිගදායේ දී දම්සක් දෙසුමෙන් පටන් ගත් දහම් පණිවුඩය මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට රැගෙන ආ සිද්ධිය එහිදී සිහි කැරිණි.

මෙම පිංකම සඳහා සහභාගී වූ සියලුම දෙනාට, මෙදින උදෑසන සිට රාත්‍රී අට දක්වා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබිණි.