මෙල්බර්න් නුවරත් රණවිරු උපහාරය


අටවිසි බුද්ධ පුජාවක් සහ රණවිරුඋපහාර උළෙලක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරෝකි දහම් නිකේතනයේ දී  පැවැත්විණි. කෝට්ටේ සන්ත්‍රින්ද්‍රිය හිමියෝ ආගමික වතාවත් මෙහෙය වූහ.  කීංස්බොරෝ ධම්ම සරණ විහාරාධිපති නාඔටුන්නේ විජිත, රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරයේ ඉඳිපරපේ ධම්මසිරි සහ රදාවඩුන්නේ ඥාණවිමල හිමිවරුද මෙම අවස්ථාවට එක් වූහ. ඕස්ට්‍රේලියාවේ වෙසෙන සේවාමුක්ත භටයන්ගේ සහ පොලිස් සාමාජිකයන්ගේ සංගමය මෙය සංවිධානය කළේය. මෙම අවස්ථාවට සියලුම ආගම්වලට අයත් දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.