මෙල්බර්න් නුවරට ගිය ”වෙඩිං ෂෝ”


sadun-2016-02-18-02

මංගල උත්සව සඳහා වූ ප‍්‍රදර්ශන කලාවට නවමු අත්දැකීමක් ගෙන දෙමින්, මෙයට වසර අටකට පමණ පෙරදී ආරම්භ කළ , "Asia Exhibitions" (ඒෂියා ප‍්‍රදර්ශන) ආයතනය මගින් සංවිධානය කරනු ලබන ”වෙඩින් ෂෝ” ප‍්‍රදර්ශනය මෙතෙක් පැවැත්වූයේ ශ්‍රී ලංකාවේදී පමණකි. මෙම මංගල උත්සව ප‍්‍රදර්ශන ජාත්‍යන්තරය කරා ගෙන යාමේ අරමුණ ඇතිව ප‍්‍රථම වතාවට ”වෙඩින් ෂෝ” ප‍්‍රදර්ශනය  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය පැවැත්වෙන්නේ මෙම 27 සහ 28 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ස්ප‍්‍රිංවැලි නගර ශාලාවේදීය. 

ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර සංස්කෘතික පාලමක් තැනීම සහ මෙරට සංස්කෘතික අංගයන් එරට ප‍්‍රචලිත කිරීම සංවිධායකයින්ගේ ප‍්‍රධාන අරමුණ වෙයි.

මෙල්බර්න් නුවර වෙසෙන, ශ්‍රී ලාංකික ජනතාවට මෙම ප‍්‍රදර්ශනය හා එක්වීමෙන් මෙරට මංගල ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකට විවිධ පාර්ශවයන් හමුවිය හැකි බව ඒෂියා ප‍්‍රදර්ශන ආයතනයේ සාමාන්‍යාධිකාරී සුබෝධ බස්නායක සඳහන් කරයි.

මෙම මෙල්බර්න්හි පැවැත්වෙන මංගල උත්සව ප‍්‍රදර්ශනය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගම වන අතර, විජය පුවත්පත් සමාගමේ ප‍්‍රකාශන ඇතුළත් කුටියක් ද The Wadding Show @ Melbourne ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිතය. 
 

sadun-2016-02-18-01

sadun-2016-02-18-04
sadun-2016-02-18-05
sadun-2016-02-18-06
sadun-2016-02-18-07


sandun 01