ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතාවයට වසර 70ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සඳුන් ගමගේ හා අතුල රණරාජා මහත්වරුන්ගේ ‘සෙන්ස් ඔෆ් මෙල්බර්න්‘ ඡායාරූප ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී අද (25) ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචේසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කැරුණු අතර ඕස්ට්‍රේලියාවේ සංචාරය කරද්දී ගත් ඡායාරූප ඔවුහු ප්‍රදර්ශනයට එක්කර ඇති අතර එවැනි ඡායාරූප ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ පළමුවැනි වරටය.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික, වෙළඳ ආදී අංශයන්ගෙන් පවතින සබඳතාවය ඡායාරූප කලාව හරහා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා මෙවැනි ප්‍රදර්ශනයක් උපකාරී වන බව ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා එහිදී පැවසීය.
ප්‍රදර්ශනය අද (25) හා හෙට (26) පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වේ.






