ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය මෙල්බර්න් අවට නගරවලත් ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය හා සංස්කෘතිය පසක් කරමින් වාර්ෂික කඨින මහා පිංකම මෙවරද ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ්හී සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේදී හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමියන්ගේ මගපෙන්වීමෙන් හා විහාරාධිකාරී ඌරුබොක්කේ නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ එම විහාරස්ථානයේ දායක දායිකාවන්ගෙ සහභාගීත්වයෙන් කඨින පිංකම පැවැත්විණි.
ශ‍්‍රී ලංකාවෙන් වැඩමකළ භික්ෂූන් වහන්සේලාද කාම්බෝජ ලා ඕස් හා තායි භික්ෂූන් වහන්සේලා ද ඇතුළු භික්ෂුන් වහන්සේලා තිස් නමක් පමණ මේ පිංකමට වැඩම කළහ.