
(ඩබ් ඒ පියතිලක)
නීතිවිරෝධි ලෙස සන්තකයේ තබා ගත් මෙරට නිෂ්පාදිත ගිනි අවි 8ක් සමග පුද්ගලයින් අට දෙනකු පොලොන්නරුව දිඹුලාගල සොරිවිල ගම්මානයේ කල හදිසි සොදිස්සි මෙහෙයුමකදි අද (25) දින අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
ගිනි අවි භාවිතා කර දිඹුලාගල සොරිවිල ගම්මානයේ පුද්ගලයින් විසින් විශාල ලෙස සතුන් දඩයම් කරන බවට පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල පොලිස් බල ප්‍රදේශයේ දිඹුලාගල සොරිවිල ගම්මානයේ පුද්ගලයින් අට දෙනෙකු සන්තකයේ තිබි අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයින් මෙම ගම්මානයේම පදිංකරුවන් බවත් මෙම අවි භාවිත කර කළු කන්ද රක්ෂිතයේ සිටින වන සතුන් දඩයම් කිරිමට භාවිතා කරන බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා තිබේ.
පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණ කටයුතු සිදු කිරිම සදහා අරලගංවිල පොලිසිය වෙත භාර දි තිබේ.

