
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගත වීමට නියමිත බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය කියයි.
BIRDS-X DRAGONFLY ලෙස නම්කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වැනිදා නාසා ආයතනය විසින් දියත් කළ SPX33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන යන ලද අතර එය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හරිනු ලැබීමට නියමිතයි.
2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස රාවණ-1 චන්ද්‍රිකාවත් පසු 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් පහක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කරන ලද KITSUNE චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව, මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ ගතවන BIRDS-X Dragonfly පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කියයි.

