ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වූ බව කියන මෙරට බහු දින යාත්‍රා 04 ක ධීවරයින් 23 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඔවුන් දකුණු ඉන්දියාවේ කාකි නඩාර් වරාය දක්වා රැගෙන ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

