මෙරට ගොවිතැන නංවන්න දකුණු කොරියාවෙන් එයි


(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා , කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි , නවීන තාක්ෂණයෙන් යුතු , ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් භාවිතා කරන , 04 වන පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සදහා , අවශ්‍ය තාක්ෂණය රැගත් දකුණු කොරියානු ආයෝජකයෝ දෙදෙනෙක් දිවයිනට පැමිණියහ .

අන් ජින්සොක් ( An Jinseok) සහ සොන්ග් ජේ හෝ ( Song Jae Ho ) එම ආයෝජකයන් දෙදෙනා වන අතර , ඔවුන්ගේ දකුණු කොරියාවේ පිහිටි මව් සමාගමට අයත් සමාගම් 68 ක් ලොව පුරා පවතින බව ගුවන් තොටුපොළේ දී අනාවරණය කළේය .

මෙම පොහොර තුළ බැර ලෝහ මෙන්ම අන්තරායක විෂ රසායන ද්‍රව්‍ය අඩංගු නොවන අතර , මිනිස් පරිභෝජනයට ඉතා හිතකර වීම විශේෂත්වයකි .

එසේම මෙම පොහොර මිළ ගනන් සාපේක්ෂ වශයෙන් , දැනට භාවිතා කරන 01 වන හෝ 02 වන පරම්පරාවේ පොහොර මිළ ගනන් වලට වඩා අඩු මට්ටමක පවතින අතර , ඒවා ගොවි බිම තුළට ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉසීම සිදු කළ හැකිය . එමගින් වැඩි අස්වනු ප්‍රමාණයක් නෙළා ගැනීම සදහා අඩු පොහොර ප්‍රමාණයක් යෙදීම ද විශේෂත්වයකි .