මාර්ග නීති කඩකරන රියදුරන්ට දඩ මුදල් වැඩි කිරීමට හා තවත් නීති රීති කිහිපයක් සංශෝධනය වීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට මේ දිනවල පැමිණෙන පිරිස සියයට සියයකින් පමණ වැඩිවී ඇතැයි එහි සභාපති රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
මීට පෙර දිනකට 300-350 ත් අතර පිරිසක් සේවා ලබාගැනීමට පැමිණි බවත් මේ දින කිහිපයේ එම ප්‍රමාණය 600-700ත් අතර වන බව ඔහු කියයි.
මේ හේතුවෙන් එම ආයතනයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට පමණක් රාජකාරී කිරීම අපහසුවී ඇතැයි ද තමාටද සක්‍රීයව එහි කටයුතුවලට දායකවීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කරයි.