
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ජනන කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් වන මෙගාවොට් 2 ක ‘ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා’ ව්‍යාපෘතිය හොරණදී අද (9) විවෘත කළේය.
මෙම ව්‍යාපෘතිය 2021 මාර්තු මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රදානය කළ මෙගාවොට් 150 ක ව්‍යාපෘති 23 න් පළමුවම ක්‍රියාත්මක ව්‍යාපෘතිය වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් එම ව්‍යාපෘතිය විවෘත කළහ.


