(අංජුල මහික වීරරත්න)
කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වී ඊට සම්බන්ධ ඉදිරි පියවර ගැනීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කප්පම් මෘදුකාංග පිටුදැකීම පිණිස ජාත්‍යන්තර සම්බන්ධීකරණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් තවත් රටවල් කණ්ඩායමක් සමඟ 2021 වර්ෂයේ දී පොදු වේදිකාවක් වශයෙන් ආරම්භ කරනු ලැබ ඇති කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවටද ඇරැයුම් ලැබී ඇතැයි රජය පවසයි.
මේ වන විට එම සමාරම්භක පියවර සඳහා ලොව පුරා රටවල් හතළිස් අටක් සහ යුරෝපා සංගමය මෙන්ම ජාත්‍යන්තර පොලිසිය ද සම්බන්ධ වී ඇතැයි රජය කියයි.
ශ්‍රී ලංකාවද මෑත කාලීනව කප්පම් මෘදුකාංග හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වීමෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවන බව හඳුනාගෙන ඇත.

