අගමැතිවරයාගේ අතකොළුවක් බවට පත්ව ඇති බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ ආශිර්වාදය ලැබෙන බවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(6) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේය.
විගණකාධිපති වාර්තා මඟින් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන්ගේ හොරකම් හෙළි කළ පසුත් එය නිදාගෙන සිටින්නේ මන්දැයි විමසා සිටි මන්ත්‍රීවරයා මර්දනයට එරෙහිව සියලු ජන සටන් එකතු කර ඒකාබද්ධ ජනතා විරෝධතාවක් ගොඩනගන බව ද පැවැසීය.

