නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වීම හේතුවෙන් ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හැරුණු විට ශ්‍රී ලංකාවට සුළි සුළං හෝ කුණාටු අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එහි අධ්‍යක්ෂ එස්.එච්.කාරියවසම් මහතා පවසන්නේ ප්‍රධාන වශයෙන් නිරිත දිගින් හමන මෝසම් සුළං ප්‍රවාහ එක්වීමෙන් හෙවත් අභිසාරී වීම හේතුවෙන් තද සුළං තත්ත්වයක් ඇතිවන බවයි. සිකුරාදා රාත්‍රී කාලයේ දිවයින හරහා හමා ගියේ එවැනි තද සුළඟක් බවත් අද දිනයේද වැසි සමග මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදුබඩ ප්‍රදේශයේ විටින් විට එවැනි සුළං ඇතිවිය හැකි බවත් ඒ මහතා පවසයි. මෙම සුළඟේ වේගය ඇතැම් අවස්තා වලදි පැයට කිලෝ මීට 80 ක් දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි සමග රට අභ්‍යන්තරයේද තද සුළං ඇතිවිය හැකි බවත් දිවයින අවට මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් ඈත්ව සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.