උතුරේ දූපත්හි රෝගීන් කඩිනමින් රෝහල් ගතකිරීම සඳහා වන නාවික හමුදා ගිලන් යාත්‍රාව සියවැනි ගමන් වාරය සම්පූර්ණ කළේය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත්‍රාවට රුපියල් මිලියන 37ක් වැය විය.
දිගින් අඩි 47.5කින් යුත් මෙම යාත්‍රාවෙන් වරකට රෝගීන් 15 දෙනකුට ප්‍රවාහන පහසුකම් සැලසිය හැකියි. රෝගීන් 124කගේ ජීවිත බේරාදීමට එහි කාර්ය මණ්ඩලය සමත්ව ඇත.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/11.png)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/212.png)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/312.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/512.png)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/611.png)
