මූණ නිසා පයින් ගමන් බැහැ


2017-01-15-ent-02එක්තරා ජනප්‍රිය කලා ශිල්පියෙක් ජීවත් වෙන්නෙ කොළඹ කවුරුත් දන්නා මහල් නිවාසයක.

කෑම බීම ගැන කොච්චර පරිස්සම් වුණත් ෂූටිං තියෙන දවස්වල ඉතිං කන්න වෙන්නෙ ලැබෙන දේවල්නෙ. තෝරලා බේරලා කන්න ගියොත් හාමතේ ඉන්න වෙන්නෙ.

ඔන්න පසුගිය දවසක එයාගෙ වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ ටික කරන්න ගියාම තමයි දැනගෙන තියෙන්නෙ එයාගෙ කොලස්ට්‍රෝල් ප්‍රමාණය වැඩිවෙලා කියලා.

පුළුවන් තරම් ඇවිදින්න කියලා දොස්තර කියලා තියෙන නිසා පොඩි එකාව දැන් මොන්ටිසෝරි ගෙනියන්නෙත් පයින්.

ඉස්සර ඒ කිලෝමීටර් භාගෙ දුරත් ගියේ කාරෙකේ. ඒත් ජනප්‍රිය වුණාමත් මාර වැඩ වෙනවනෙ.

මෙයා පොඩි එකා අතින් අල්ලගෙන උදේට පයින් යනකොට කාර්, ත්‍රීවිල් එහෙම නවත්තලා මෙයාට නගින්න කියනවලු. මොකෝ අද කාරෙක කැඩිලද? හැමෝම අහන ප්‍රශ්නයක්ලු ඒක

 

DESHAYA.