මුහුදේ පාවෙන සිරුරු හමුවෙයි


අතුරුදන් වූ ඉන්දුනීසියා යානයේ බවට විශ්වාස කළ සුන්බුන් හමුවූ ප්‍රදේශයේ මුහුද මත මළ සිරුරු හා ගමන් මළු පාවෙමින් තිබෙන බව ගවේෂණ කණ්ඩායම් පවසයි. මේ ස්ථානයේ සිරුරු 40ක් පමණ නිරීක්ෂණය කළ හැකි වූ බවත් ඒවා හැකි ඉක්මණින් ගොඩගන්නා බවත් ඔවුහු කියති.

ඉන්දුනීසියා නාවික හමුදාව නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ මේ සිරුරු ඇත්තේ බෝර්නියෝ දූපත් ආසන්නයේ බවයි. ඉදිමී ජලයේ පාවෙන මළ සිරුරක ගුවන් දර්ශනයක් රූපවාහිනී නාලිකාවක පෙන්වීමත් සමග ගුවන්යානයේ ගමන්ගත් මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් සිටිති.

2452E93000000578-2890541-image-a-7_1419929264386 24542ADD00000578-2890541-image-a-37_1419937721140 24543B3900000578-2890541-image-m-31_1419937196557 - Copy