මුහුදේ නාමින් සිටි විදේශිකයෙක් මරුට


සුමතිපාල දීයගහගේ  

 

මිරිස්ස මුහුදේ නාමින් සිටි විදේශිකයකු අද (17) දියේ ගිලි මිය ගොස් ඇතැයි කොටවිල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඩිලිසන් අදිගෝ නැමැති හතලිස් එක් හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

මොහු තම පෙම්වතිය සමඟ මුහුදේ නාමින් සිටින විට රළ පහරකට හසුවී ගසා ගෙන යන විට අසල සිටි පිරිස විසින් මෙම විදේශිකයා බේරා ගෙන මාතර රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.