බංගලිදේශ හා මියන්මාර ජාතිකයන් 139 දෙනකු නැගෙනහිර මුහුදේදී බේරාගෙන ඩෝරා යාත්‍රාවකින් ඔලුවිල් වරාය වෙත රැගෙන ආ නාවික හමුදාව පොලීසියේ ද සහයෙන් ඔවුන්ගේ තොරතුරු ගැනීමට උත්සාහ ගනී. එහෙත් භාෂා ප්‍රශ්නය හරස්වී ඇත. හින්දි දන්නා එක් අයකු එහි සිටින බව පොලීසිය කියයි. මොවුන් යාත්‍රාවකින් මලයාසියාවට හෝ තායිලන්තයට යමින් සිටියදී අනතුරකට ලක්වූ බව පෙනෙතියි පොලීසිය කියයි. දවස් ගණනක් නිරාහාරව සිටි බව ද පෙනෙතැයි ද සමහර විට මුහුදේදී පහර කෑමට ලක්වන්නට ඇතැයි ද පොලීසිය අනුමාන කරයි.