මුහුදෙන් ගිය පහක් ගුවනින් එති


නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා ගිය තවත් ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ ඕස්ට්‍රේලියානු එස්.එක්ඩී 01 දරණ    විශේෂ ගුවන් යානයකින් අද උදෑසන  මෙරටට ගෙන එනු ලැබුහ.

මෙම පිරිස පසුගිය ජනවාරි 8 වෙනිදා  බේරුවල ප්‍රදේශයෙන්  ‘වියඟ‘ නැමැති  බෝට්ටුවේ  නැගී ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබේ.  පසුව එරට මුහුදු සීමාවේදී  ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින්  අත් අඩංගුවට ගෙන එරට ආගමන විගමන අංශ විසින්  මෙලෙස පිටවහල්කොට ඇත.

කෙසේ වෙතත් මොවුහු පවසා ඇත්තේ තමන් ධීවර වෘත්තිකයින් බවත් ධීවර කටයුතු සඳහා යමින් සිටියදී බෝට්ටුව අනතුරකට පත්ව පා වෙවී සිටියදී ඕස්ට්‍රෙිලියානු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් බවයි.

ඕස්ට්‍රේලියානු ආගමන නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මෙම පිරිස ගුවන් තොටුපොල ආගමන විගමන නිලධාරීන්ට බාර දෙනු ලැබීය. ආගමන විගමන අංශයේ මුලීක විමර්ශණවලින් අනතුරුව මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතව තිබිණි.