මුහුදුබඩ දුම්රිය ධාවනය දින 3 ක් තනි මාර්ගයක


 

කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට (11), අනිද්දා (12) සහ ඉන් අනිද්දා (13) යන තෙදින තුළ එක් මාර්ගයක දුම්රිය ධාවනය අත්හිටුවීමට සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එම්. ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසයි.

එබැවින් පෙරවරුවේ සහ පස්වරුවේ කොළඹ කොටුවේ සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ කොටුවේ සිට පානදුර, මොරටුව දක්වා බස් සේවා සැපයෙන දුම්රිය පිළිබඳ විස්තර පහත නිවේදනයේ දැක්වේ.