මුහුදුබඩ දුම්රිය අවහිරය ඉවරයි


දෙපැයකට පම‍ණ පසුව බලපිටිය ආඳාදො‍ල සහ පාතමුල්ල දුම්රිය ස්‍ථාන අතර දුම්රිය පීලි පැනීම යථා තත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මුහුදු බඩ දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි සිදු වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය පීලි පැනීම නිසා ප්‍රමාද වූ දුම්රිය යළි ගමන් ආරාම්භ කළ බව දැනගන්නට තිබේ.