(පද්මා කුමාරී කන්කානම්ගේ)
කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200 ක්,අද 21 දින දහවල් කල්පිටිය පොලිසිය අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
විවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගය ගෝණි 40 ක අසුරා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු ද සමගින් අත් අඩංගුවට ගෙන ඇත.
කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක ශාන් මුණසින්හ මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කොට ඇත.
අත් අඩංගුවට පත් සැක කරුවන් වයස අවුරුදු 26,28 වන කල්පිටියේ පදිංචි කරුවන් වෙති.

