මුහුදු සීමාවට පැන්න ඉන්දීයානුවෝ 33 ක් පිටුවහල් කරති


(ටී.කේ.ජී.කපිල )         

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටි ඉන්දීය ජාතික ධිවරයින් 33 දෙනෙකුගෙන් යුතු  පිරිසක් අද (19)  උදෑසන ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් ආපසු ඉන්දියාවට පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම ඉන්දීය ධීවර පිරිස තම ධීවර යාත්‍රා වලින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් , ශ්‍රී ලංකා මුහුදු කළාපයට පිවිස නීතිවිරෝධී ලෙස  ධීවර කටයුතු සිදු කරමින් සිටියදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගැණිනි.

අත් අඩංගුවට ගැනීමෙන් පසුව  මොවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  මිරිහාන කඳවුරේ රදවා තබා  තිබේ .

මෙම ඉන්දීය ජාතික ධීවරයින් පිරිස අද (19) දින උදෑසන 8.50 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගිය ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් පිටුවහල් කර ඇත.