මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට


ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළාරක්ෂ බළකායට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවික භටයන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත්ධීවරයින් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.