සති අන්තයේදී මුහුදු සිංහයෙක් බ්‍රසීලයේ ජනාකීර්ණ වීදියකට පැමිණ පදික වේදිකාවේ ද කහ ඉරේද ගමන් කිරීමේ අරුම පුදුම සිද්ධියක් දැක ගැනීමට බ්‍රසීල වැසියෝ සමත් වූහ.
මුහුදු සිංහයාට ආපසු මුහුදට යෑමට උදව් කරමින් ගිනි භටයෝත් පොලීසියත් නල වලින් ජලය විද්දෝය.
මුහුදු සිංහයන් වඳවන සතුන් ලෙස රතු පොතේද සටහන්ව ඇතත් දකුණු ඇමරිකාව මුහුදු සිංහයන් ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැත. මේ සිංහයා අවසානයේදී සිය වාසස්ථානය වන මුහුද සොයා ගත්තේය.