පොතුවිල් ඵෙතිහාසික මුහුදු මහා විහාරස්ථානයට නැගෙනහිරින් මුහුදු මහා විහාරස්ථානයට නැගෙනහිරින් මුහුදු වෙරළේ සිට මීටර් 200 ක් පමණ ගොඩබිමට වන්නට පිහිටි වැලි කඳු හාරා වැලි ජාවාරමක් සිදුවන බවත් එයින් මුහුදු වෙරළ හා මුහුදු මහා විහාරස්ථානයේ නටඹුන් විනාශවී යන බවත් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අනු දැනුම ඇතිව සිදුවන බවත් පවසමින් මුහුදු මහා විහාරවාසී උඩනමත්තේ රත්නප්‍රිය හිමියන් පොතුවිල් පොලිසියට පැමිණිල්ලක් කළහ.
මුහුදු මට්ටමේ සිට අඩි 100කට උඩින් මෙම වැලි කඳු පිහිටා ඇත. මෙම වැලි කඳු නිසා මුහුදු කෑම මෙන්ම අනතුරු වැලකී ඇත.
සුනාමියේදී විහාරස්ථානය බේරුනේද මේ වැලි කඳු හා එහි ඇති ගස් නිසා යැයි පරිසරවේදීහු කියති.
ඉපැරණි නටඹූන් මේ වැලි කඳුවලින් වැසී ඇති බවත් මේ හේතුවෙන් පුරාවස්තුද විනාශවීමට ඉඩ ඇති බවත් තවමත් විවෘත නොකළ සෑයද අනතුරට පත්විය හැකි බවත් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියෝ කියති.
මේ වැලි ජාවාරම ප්‍රදේශයේ සියලු ජනතාවට හානියකි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන මෙය වැලැක්වීමට පියවරක් ගෙන නොමැති බවත් ඒ හිමියෝ කියති.











