මුහුදු පුරාවිදු සමුළුව ගාලු පුරේදී ඇරඹේ


‘සමුද්‍රිකා‘ මහුදු පුරාවිද්‍යා සමුළුව හා ප්‍රදර්ශනය මීට සුළු වේලාවකට පෙර සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී ආරම්භ කැරුණි. දියයට පුරාවිද්‍යාව, සමුද්‍ර ආශ්‍රිත අතීත වෙළඳ කටයුතු සහ සංස්කෘතීන් පිළිබඳව ද කරදිය ධීවර කර්මාන්තයේ උරුමයන් ද නවීන සොයාගැනීම් සහ පර්යේෂණ පිළිබ‍ඳව ද මෙම ප්‍රදර්ශනයෙන් මහජනතාවට දැකගැනීමට හැකියාව ලැබේ. ප්‍රදර්ශනය දින දෙකක කාලයක් පැවැත්වේ. සමුළුවේදී සමුද්‍ර පුරාවිද්‍යාව සම්බන්ධයෙන් විද්වත් කතිකාවතක් පැවැත්වීමට නියමිතය.මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය සහ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය මෙය සංවිධානය කරයි.