මුහුදු ගිහින් මළ ගණන 24යි


 මූදු ගොස් චණ්ඩ මාරුතයට හසුවී මිය ගිය ධීවරයන්ගේ ගණන අද සවස හය වන විට 24 දක්වා ඉහළ ගියේය.

කොළඹින් අට දෙනකු ද, කළුතරින් හතර දෙනකු ද, ගාල්ලෙන් 12 දෙනකු ද මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.

අතුරුදන් වූ ගණන 22කි.

ධීවර යාත්‍රා 30ක් පමණ ගොඩට නොපැමිණි බවත්, යාත්‍ර 14ක සුන්බුන් සොයාගෙන ඇති බයත් රජය කියයි.