ආණමඩුව-කොට්ටුකච්චියේ ධීවරයන් දෙදෙනකු ඔවුන් ගමන් කළ බහු දින යාත්‍රාව ද සමග අතුරුදන්වී ඇති බව ඥාතීහු නාවික හමුදාවට දැන්වූහ.
පසුගිය හය වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ටුනා දෙක ධීවර යාත්‍රාව මෙසේ අතුරුදන් වී ඇත.
මේ අතර ත්‍රිකුණාමලයෙන් පසුගිය 28 වැනි දින පස් දෙනකු සමග මුහුදු ගිය ලක්සිරි ධීවර යාත්‍රාව ගැන ආරංචියක් නැතැයි එහි අයිතිකරු ජේ පී නීල් ප්‍රසන්න මහතා චීන වරාය පොලිසියට පැමිණිලි කර ඇත.
පසුගිය අට වැනිදායින් පසු යාත්‍රාව සමග පනිවිඩ හුවමාරුව ද නැති විය.

