හික්කඩුවේ නාරිගම මුහුදේ නෑමට ගිය බූස්සේ තරුණයන් තිදෙනකුගෙන් එක් අයකු ද (21) උණවටුනේ රූමස්සල බෙල්ලන් කැඩීමට ගිය තරුණයන් තිදෙනකුගෙන් එක් අයකු ද (33) යළි ගොඩට නොපැමිණි බව පොලිසිය කියයි. රූමස්සල දී අතුරුදන් වූ මැටරඹ පදිංචිව සිටි තිදරු පියා සෙවීමට නාවික හමුදා කිමිදුම් කරුවන් යෙදවූව ද අද රාත්‍රී වනතුරු ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව හබරාදුව පොලිසිය කියයි. හික්කඩුවේ දී අතුරුදන් වූ තරුණයා සෙවීමට සෙනසුරාදා උදෑසන කිමිදුම් කරුවන් යොදවන බව ද හික්කඩුව පොලිසිය කියයි.

