මුහුදු කොල්ලකරුවන් නයිජීරියාවට ඈත මුහුදේදී පසුගිය 25 වැනිදා පැහැරගත් භාණ්ඩ නැවේ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිටි බව රොයිටර් පුවත් සේවය අබුජා නුවරින් වාර්තා කරයි.
කොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලද මුළු ගණන පස් දෙනකි.
ඇන්ටිගුවා හා බාබුඩා කොඩිය යටතේ යාත්‍රා කළ ‘සිටි ඔෆ් සියාමෙන්‘ කන්ටේනර් ප්‍රවාහන නැවට මුහුදු කොල්ලකරුවන් ප්‍රහාර එල්ල කරන ලදැයි කියනුයේ තෙල් නිෂ්පාදනය කරන බේල්සා ප්‍රාන්තයට අයත් මුහුදු සීමාවේදීය.
දැඩි ලෙස සන්නද්ධව සිටි කොල්ලකරුවන් 14 දෙනකු නැවට පහර දී පස් දෙනකු අත්අඩංගුවට ගෙන නැවේ තිබූ මුදල් ද පැහැර ගත් බව අන්තර් ජාතික සමුද්‍රාසන්න බියුරෝව කියයි.
මුහුදු කොල්ලකරුවන් අධිවේගී බෝට්ටුවකින් ඊට පෙර දින තවත් නැවක් පසුපස හඹා ගිය බව ද එම ආයතනය පවසයි.