කොටි සංවිධානයේ ප්‍රධාන අවි සැපයුම්කරු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ පී ගේ මූල්‍ය සහකරු හා සමීපතමයකු වූ සුබ්‍රමනියම් ජයගනීෂ්ගේ බිරිය පහිරානි මුරුගේසු රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
සිය අට හැවිරිදි දියණිය සමඟ ප්‍රංශය බලා යෑමට කටුනායක ගුවන් තොටට පැමිණ සිටිය දී පසුගිය මාර්තු දෙවැනි දා ඇය අත්අඩංගුයට ගනු ලැබීය.
බ්‍රහස්පතින්දා වන තුරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටි ඇය පවසා ඇත්තේ තමා කොටි සංවිධානයෙන් පුහුණුව ලැබූ බවයි.
යුද්ධය අවසන්වන තුරු මුහුදු කොටි කතක සේ සේවය කළ බව ද ඇය කියා ඇත.
පොලිසිය අධිකරණයට දැන්වූයේ ඇය කොටි සංවිධානය අන්තර්ජාතික වශයෙන් යලි පණගැන්වීමට ක්‍රියා කරන බවයි.
ඇගේ ගුවන් බලපත්‍රය ද තහනම් කැරිණි.
මාර්තු 17 වැනි දා තෙක් පැමිණිල්ල කල් තැබිණි.

