මුහුදට වැටුණු යානයක් වසර 71ට පසු සොයා ගනී


කල්කුඩා වෙරළට කිලෝ මීටර 10ක් පමණ ඈත මුහුදින් දෙවැනි ලෝක යුද්ධයේ දී මුහුදේ ගිලී ගිය කටලිනා නැමැති ගුවන් යානයක් සොයාගත් බව මුහුදු පුරාවස්තු ගවේෂණයේ යෙදෙන දර්ශන ජයවර්ධන මහතා පවසයි. 2013 වර්ෂයේ වසන්ත නමැති ධීවරයකුගේ දැලට පැටලී ආ ඇලුමිනියම් තහඩු කැබැල්ලක් හේතුවෙන් එම ප්‍රදේශයේ කරන ලද ගවේෂණයක දී ගිලුණු යානය සොයාගත හැකිවී ඇත.

දර්ශන ජයවර්ධන මහතා පවසන්නේ යානයේ එන්ජින් දෙකක්, අවර පෙති දෙකක් පියාපත හා බඳෙහි කොටස් කිහිපයක් මුහුදු පත්ලේ දක්නට ලැබෙන බවයි.ඒවා පිහිටා ඇත්තේ මුහුදු ජල මට්ටමේ සිට මීටර 42ක් ගැඹුරිනි.

ජයවර්ධන මහතා කරන ලද ගවේෂණයෙන් සොයාගත හැකි වී ඇත්තේ 1943 දෙසැම්බර් 09 දා මින්නේරිය ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන්ගත වූ කැටලිනා වර්ගයේ යානයක් ගුවන්ගත වී පැය එකහමාරකට පසු එක් එන්ජිමක් අක්‍රියවීම හේතුවෙන් යළි පැමිණ ඇති බවයි. මේ යානය තවදුරටත් පියාසර කිරීම අපහසුවීම හේතුවෙන් ආපසු හරවා පැමිණ ඇත. යළි එන ගමනේ දී යානය පියාසර කරවිය නොහැකි බැවින් හදිසියේ ම ගොඩබස්වා ඇතැයි ද එහි සිටි ගුවන්හමුදා සෙබළු 11 දෙනා දිවිගලවාගත් බව ද පැරණි හමුදා ලේඛණවල දැක්වේ.

එම යානය මුහුදේ ගිලී ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය වරායේ සිට කිලෝ මීටර 80ක් දකුණිනින් කල්කුඩා ආසන්නයේය. ගිලීගිය ස්ථානයත් යානයේ ස්වභායත් අනුව දර්ශන ජයවර්ධන මහතා විසින් සොයාගත් යානය එදා හදිසියේ ම ගොඩබැස්සවූ යානය බව තහවුරු කරගෙන ඇත.

ඉතා අලංකාර මත්ස්‍යෙයා් රැසක් මේ යානය ගිලී ඇති ස්ථානය හා ඒ අවට ජීවත් වෙති. කල්කුඩා වෙරළ ආසන්නයේ ගිලී ගිය යානය සම්බන්ධ ප්‍රචාරයක් ලබාදීමෙන් එය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පහසුවෙන් යොදාගත හැකිවේ යැයි ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි. 01

යානයේ කොටස් මුලින්ම සොයාගත් වසන්ත මහතා වමේ සහ ගවේෂණය කළ දර්ශන ජයවර්ධන මහතා දකුණේ

02 Catalina Engine Bay on Wing - Copy 03 Catalina Propeller 04 Catalina Second Propeller 05 Catalina Wheel 06 Catalina Wing (2) 07 Catalina Wing 08 Catalina Wreck center of wing 09 CATALNA PBY

අනතුරට පත්ව ඇත්තේ මෙවැනි යානාවකි