ධීවර කටයුතු සඳහා පිටත්ව යන බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදට අපද්‍රව්‍ය දැමීම වැළක්වීම සඳහා වහාම නව නීති හඳුන්වා දෙන ලෙස ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
සාගරයට අපද්‍රව්‍ය එක්වීමෙන් කොරල් පර ඇතුළු සාගර සම්පතට වන විනාශය අවම කිරීම , අතිශය වැදගත් සාගර පාරිසරික පද්ධතිය ආරක්ෂා කරගැනීම පිළිබද අවධානය යොමු කර රජය මෙම නව නීති හඳුන්වා දීමට තීරණය කර තිබෙන බවද වෙදආරච්චි මහතා කියා සිටී.
බහුදින යාත්‍රාවක් ගොඩබිමින් පිටත්ව යාමට පෙර එම යාත්‍රාවේ ගෙනයන භාණ්ඩ පරීක්ෂා කර නැවත එම බහුදින යාත්‍රාව ගොඩබිමට ළඟා වීමේදී රැගෙන ගිය භාණ්ඩ තිබේ දැයි සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා කීවේය.