සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් පුත්කල සහ මන්නාරම හාහා කන්කසත්තුරේ දක්ව සහ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබුවෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුද විටින් විට රළු ස්වභාවයග් ගන්නා බැවින් නැවත දැනුම්දෙන තුරු එහි යාත්‍රා නොකරන්නැයි ධීවර සහ නාවික ප්‍රජාවවටකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රීකුණමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමිටර් 50 -60 පමණ දක්වා වැඩි විය හැකි අතර එම ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනී.
මන්නාරම සිට පුත්තලම, කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5- 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ඇතැයි ද මන්නාරමේ සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු රණ ගොඩබීමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන්ම් දෙයි.