ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශයේ පවත්නා රළු ස්වභාවය හා සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහෙත් සුළි සුළං තත්ත්වයක් ඇති නොවන බව ද සුළි සුළං ඇතිවෙතියි ඉන්දියාවෙන් කරන ලදැයි කියන අනතුරු ඇඟවීමක් ගැන ඇතමුන් විමසතත් එවැනි අනතුරැ ඇඟවීමක් නැතැයි ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධිනී කරුණාපාල මහත්මිය කීවාය. අද දිනයේ වැසි සහති කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් බලාපොරොත්තු වුව ද දිවයින ආශ්‍රිත වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි ඇතිවිය හැකි බව ද ඇය පවසයි.