මුහුද මැද නගරය යළි පණ ගහයි


කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ යළි ඉදිකිරීම් යළි අරඹන බව සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පවසයි.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් සියලු ගැටළු විසඳුණු බවත් පාරිසරික අධිකාරියේ අනුමැතිය ද ලැබී ඇති බවත් සමරවික්‍රම මහතා කියයි.

කොළඹ ගාලු මුවදොර නුදුරු මුහුදින් වර්ග කිලෝමීටර 2.33ක් වෙන් කර නගරයක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් 2011 මාර්තු මාසයේදී ඇරඹිණි. එහි වියදම ඇමරිකා ඩොලර් කෝටි 150කි. (රුපියල් කෝටි 21713 ) චීන සමාගමක් සමග මේ සඳහා ගිවිසුම් අත්සත් තැබිණි.

නව රජයේ මැතිවරණ පොරොන්දුවක් අනුව එම ව්‍යාපෘතිය යළි අධ්‍යයනය කිරීම සඳහා එහි වැඩ නතර කැරිණි.

මුහුදෙන් හෙක්ටයාර 230ක් ඊට වෙන් කර ඇත. චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම කොන්ත්‍රාත්කරුවෝය.

මහින්ද රාජපක්ෂ රජයේ ගිවිසුම අනුව මුහුද මැද නගරයෙන් කොටසක අයිතිය තනිකරම චීනයට පවරා තිබුණි. 

Colombo-South-Port-Expansion-Project-2 Portcity_201631015-2 Portcity_201631015-6