මුහුණු වසා ගත් කල්ලියකගෙන් යාපනයේ වෙළඳසැලකට ප්‍රහාරයක්


යාපනය නල්ලූර් අරසඩි මංසන්ධියේ පිහිටි වෙළඳසැලකට යතුරුපැදි වලින් පැමිණි කඩු කිනිසි ගත් පිරිසක් බෝම්බ වලින් දමා ගසා දෙදෙනෙකුට කඩු පහර දී පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය කියයි.

වෙළඳසැලේ දොරටුව අසලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන එම පිරිස වෙළඳසැලේ හිමිකරුට හා අසල සිටි අයකු කඩුවකින් කපා දමා ඇති බවත් තුවාල ලැබූ එම දෙදෙනා යාපන මහ රෝහලට ඇතුළත් කර  ඇති බවත් පොලිසිය පවසයි.

පහරදීමෙන් හා පෙට්‍රල් බොම්බ ප්‍රහාරයෙන් වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර වෙළඳසැලේ ඇති වූ ගින්න යාපනය නගර සභාවේ ගිනිනිවන ඒකකය විසින් ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.

20 21 22 23