
(ඉන්දිකා රාමනායක)
කොවිඩ් වැළඳුණු රෝගියෙකු කළුබෝවිල රෝහලෙන් මුදා හැර ඇති බවට වෛද්‍යවරයෙකුගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු කිසියම්රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ කළුබෝවිල රෝහලට ගොස් සිටියදී මෙම ක්‍රියාව සිදුකර ඇතැයි ද ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
සැකකරු තමාගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ ව්‍යාජ තොරතුරක් මුදා හැර ඇති බවට අදාළ වෛද්‍යවරයා වැල්ලවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැල්ලවත්තේ පදිංචි පදිංචිකරුවෙකු වන අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

