මුහුණු පොතට කවි ලියූ ගුරුවරයා ගැන විමසයි


විනෝදාංශයක් ලෙස කවි ලියා තම ෆේස්බුක් පිටුවේ පළ කරන කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයකුට ( 29) එරෙහිව විමර්ශනයක් අරඹා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

පාසල් පරිපාලනය විවේචනය වන ආකාරයේ කවි ලියනා බවට සහ ඒවා සිය ෆේස්බුක් පිටුවේ පළ කරන බවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශනය ආරම්භ කර තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.