ලෝකයේ මුස්ලිම් ජනතාව බහුල වශයෙන් ජීවත්වත රටවල් ආශ්‍රිතව ජාත්‍යන්තර පර්යේෂණ ආයනයක් විසින් කරන ලද සමීක්ෂනයකට අනුව ෂරීයා නීතිය තම රටේ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ .
ජාත්‍යන්තර පිව් පර්යේෂණ ආයතනය විසින් 2008 හා 2012 යන වසර වල රටවල් 39 ක 38000 ක් දෙනා සහභාගි කරවාගෙන මෙම සමීක්ෂණය පවත්වා තිබේ. ඒ අනුව ටියුනීසියාවේ සියයට 56 ක්ද නයිජීරියාවේ සියයට 71 ක්ද ඉන්දුනීසියාවේ සියයට 72 ක්ද ඊජිප්තුවේ සියයට 74ක්ද ඇෆ්ගනිස්තානයේ සියයට 99 ක්ද පකිස්ථානයේ සියයට 84 ක්ද ෂරීයා නීතියට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් එම සමීක්ෂණයට අනුව තුර්කියේ සියයට 12ක් පමණක් තම රටේ ජාතික නීතිය ෂරීයා වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.