බොදුබල සේනා සංවිධානයට මුස්ලිම්වරුන් සමග ප්‍රශ්නයක් නැතැයි ද, එදා වෙළඳාමට ආ මුස්ලිම්වරුන් සිංහල කාන්තාවන් බිරියන් කරගත් බවත් ඔවුන් මෙරට සිටින පේ හතුරන් නොවන බවත්, එහෙත් ඇතැමුන් අරාබි අන්තවාදීන් සමග එක්වී කටයුතු කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ ඇල්පිටියේදී පැවසූහ.
‘ක්‍රිස්තියානි මූලධර්මවාදීන් වගේම, මුස්ලිම් අන්තවාදිනුම් මේ රටට ඇවිත් සිටිනවා.අද බොරු බුදුවරුන් පහළ වෙලා. රහතන් වහන්සේලා සිටින බවත් පේනවා. එමගින් පන්සලට තිබුණු බැඳීමත් නැති කරලා. මෙය මූලධර්ම වාදීන්ගේ වැඩක්. ජාතික හැඟීම් සිංහලයන් අතරින් නැති කර දැමීමයි අරමුණ.‘