මුස්ලිම් තානාපති සිංහල පාසලට ගොඩනැගිල්ලක් දෙයි


ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික  විදුහලේ  පොල්අතු මඩුව වෙනුවට නව ගොඩනැඟිල්ලක්  ඉඳිකර දීමට  ඉරානයේ  ශ්‍රී ලංකා තානාපති පයිසාල් රසීම් මහතා  ඉදිරිපත් වී සිටියි.

ඉරානයේ සිටින තානාපතිවරයාගේ ඉල්ලීම අනුව විදුහල්පති ,ගලේවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රී දුමින්ද  බණ්ඩාරනායක මහතා හා මව්පියෝ එක්ව ගෙපළ කපා නව  ගොඩනැගිල්ලට අද (14) මුල්ගල් තැබුහ.

ලංකාදීපයේ හා ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් තමන් මෙම පුවත දැක කම්පා වී කඩිනමින් නව පන්ති කාමරයක් ඉදි කරන බව ශ්‍රී ලංකා ඉරාන තනාපතිවරයා එරට සිට ලංකාදීපයට දුරකතනයෙන් දැනුම් දුන්නේය.

 

20 22 23