ගතවූ සිව් වසරේ ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ හිරිහැරයන් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා සහ මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසාද් සාලි මහත්වරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලතියි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ග්‍රෑන්ඩ්පාස්, දඹුල්ල, අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඉකුත් කාලයේ සිද්ධීන් 100 කට වැඩි සංඛ්‍යාවක් ගැන සොයා බලන ලෙස එවිට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු වන බවද ඔවුහු ‘‘නිව් ඉන්දියන්‘‘ පුවත් සේවයට කියා ඇත.

