මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීන් නෙරපන්න බැරිවේ


ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා නොහරින ලෙස කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මුස්ලිස් කොංග්‍රසය ගිය මහා මැතිවරණයේදී තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. පසුව රජයට එක්වූහ.

කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම්, ඇමැති බෂීර් සේගුඩාවුඩ්, එම් එස් තවුෆික්, එච් එම් එම් හරීස්, එම් සී එම් ෆයිසාල් හා අස්ලම් මොහොමඩ් සලීම් මේ පෙත්සම් ඉදිරිපත් කළහ.

 එජාප නායක රනිල් වික්‍රමසිංහ හා මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරු වගඋත්තරකරුවෝ ය.