මුස්ලිම් කොංග්‍රසය මැති සබේ වර්ජනය කරයි


අලුත්ගම හා ධර්ගා නගරවල වූ සිද්ධියට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද පාර්ලිමේන්තුව වර්ජනය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැන පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අදයි.

මේ අනුව රජයේ පාර්ශ්වයක් වන මුස්ලිම් කොංග්‍රසය එම ඡන්දයට නොසිටිනු ඇතැයි දැනගන්නට ඇත.